ප්‍රේමය.
මගේ පෙම දලු දමා
අතු රිකිලි සළ සළා
හමා ආ සුලං රැල්
මා සිතැඟි වෙළ වෙළා ...
ඔය පෙමට ඉකි ගසා
හද ගැබින් පිට වෙලා
වලාවක දැවටිලා
දෙරණ මත සැතපිලා ....
කාලයේ වැලි තලා
මතින් ගංගා ගලා
ආලයේ අරුත මහ
සමුදුරේ හංගලා ...
මේ ළයේ නැත සෙනේ
හිස් අහස බල බලා
පාලුවේ කවුළු දොර
ලඟ ම මං තනි වෙලා ...
ලෝකයෙන් නුඹට-මට,
දුන්නු අවසර ගොන්න
පෙමට පෙම පුදන ඒ
පෙම්වතුන් හට දෙන්න .....
මා සෙනේ නුරුස්සන
ඔය සෙනේ මට එපා
අද හෙටත්, මතු මතුත්
එපා, මට නුඹ එපා ....
* දුල් *
Comments
Post a Comment