Posts

Showing posts from September, 2020

නිශා , නුඹ හිනැහියන්

Image
නිශා නුඹ හිනැහියන් --------------------------------------       නිශා , නුඹ හිනැහියන් තරු රෑන පිරිවරන්    හිරු ගිහින් අවරදිග       ලොවට තනි රකින්නට    නිශා නුඹ හිනැහියන් තරිඳු නළලේ තියන්   සිතක් උපනයි සිතට           සඳ දියෙන් තටමෙන්නට   නිශා, නුඹ හිනැහියන්       පහන් සිළුවට හොරඩන්  තිමිර තිර කඩය මත  තුන් සිතම ලියන්නට       - දුල්කාන්ති -    

නේරංජනා

Image
නේරංජනා -------------------              පින් කෙතේ අනුත්තර වී උන්නු මං අංජලීකරණීය වී උන්නු මං             අනුත්තර නෑ -  අංජලීකරණීය නෑ  ආයෙ නං නේරංජනා පාත්‍රය නොයා උඩුගං බලා ශාස්ත්‍රය සොයා ගියෙ පියඹලා සිල් වලාකුළුඉරා රත්තරං සළු දරා සිතින් සැනසෙන්නෙ කෙලෙසින්ද නේරංජනා හන්තාන ඉහලින් හඳපාන පායා දුටුවාද මට - නුඹට හසපාන ඡායා අතුරුදන් බුදු පුතුන් හැඳින ගන්නට කලින් ඉතිං යමු යන්න අපි දෙන්නා නේරංජනා