නිශා , නුඹ හිනැහියන්
--------------------------------------
නිශා , නුඹ හිනැහියන්
තරු රෑන පිරිවරන්
හිරු ගිහින් අවරදිග
ලොවට තනි රකින්නට
නිශා නුඹ හිනැහියන්
තරිඳු නළලේ තියන්
සිතක් උපනයි සිතට
සඳ දියෙන් තටමෙන්නට
නිශා, නුඹ හිනැහියන්
පහන් සිළුවට හොරඩන්
තිමිර තිර කඩය මත
තුන් සිතම ලියන්නට
- දුල්කාන්ති -
Comments
Post a Comment