ආවාහය.

" හ්ම්.. ! මෙන්න මේක හොඳට අහ ගන්නවා හොඳයි... හොඳට! හොඳට !! හොඳ.. ට ... !!! 
ඇහෙනවනෙ මං කියන දේ ?.... මේ මගෙ පවුල තියෙනව නේද... මගෙ පවුලෙ අයගෙ, මගෙ ගමේ අයගෙ , මගෙ යාලුවන්ගෙ...
මෙන්න මේ අයගෙ වැරදි පැත්ත දකින්න, වැරදි පැත්ත ගැන කතා කරන්න සම්පූර්ණයෙන් තහනං තමුන්ට.. එහෙම දෙයක් වුණ දාට, ... අන්න එදාට තමුංට මෙහෙං යන්නම වෙනවා..
තේරුණානේ , ආ.. ! පුංචියි කියලා නැහැ, මගෙ පවුලෙ පොඩි අයටත් නම කියලා කතා කරනව එහෙම නෙවෙයි.  "මැණිකෙ", "නෝනා". "සුදු මහත්තයා", "සුදු නෝනා"..... දන්නෙ නැහැනෙ ඒ නම් ටික... අදනෙ ආවෙ මෙහෙට. ඒකයි මං කියා දුන්නෙ. මගෙ පවුලෙ අය ඉස්සරහා කට අරින්න තහනං. ඒකත් මතක තියා ගන්නවා... .... මම දැං කියාපු ටික මතක ඇතිනෙ, තේරුණාද.. හ්ම්.. කියනවා. තේරුණාද.......
                               කුඩා කල සිටම අපේ අම්මා මා හා නිතර කියා තිබූ කරුණක් නම්, අපේ පවුලට බැඳෙන පිට ගෑණුංට නොසැලකිය යුතු බවයි. මගේ. අලුත් නිවසට අද මා කැන්දාගෙන ආවේ ද, පිට ගැහැණියකි. 
අපේ මංගල උත්සවයට පැමිණි නෑ හිතමිතුරන් පිටව යන තෙක් මා නො ඉවසිල්ලෙන් බලා සිටියේ, අපේ පවුලේ තත්වය නොදන්නා තැනැත්තියක වන, වෘත්තියෙන් ගුරුවරියක වන, මගේ නිවසෙහි වාසයට අලුතින් පැමිණි" කාන්ති" නමැත්තියට මෙම කරුණු ටික පවසන්නට ය. මා ඇයට එසේ තර්ජනාත්මක ව මෙම කරුණු කීවේ, අපේ පවුල ගැන ඇති වූ මහත් ගර්වය හා ආඩම්බරය නිසා ය.
කෙසේ වෙතත්, ඇයට එසේ තර්ජනය කිරීමෙන් පසු මගේ හිතට දැනුණේ මහත් වූ සැහැල්ලුවකි.
😽😽😽
-දුල්කාන්ති-

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।