කඳුලැල්.

දෑස නොදකිනා කඳුලැල්,
දෑසින් බසිනා කඳුලැල්
රෑට දෑහෙ නළිය නළිය
දෑසම තෙමනා කඳුලැල්...

අතීතයෙන් එන කඳුලැල්
අතීතයට යන කඳුලැල්
පැතූ පැතුම් සිඳී බිඳී
රහසින් ගලනා කඳුලැල්

උපන්න දා සිට කඳුලැල්
පෙනෙන නොපෙනෙනා කඳුලැල්
ජාති භේද කුල ගොත් නැති
අනන්ත ලෝ දිය කඳුලැල්

හීනයක් වගේ කඳුලැල්
මානයක් නැතේ කඳුලැල්
පාන සිනාවෙන් සඟවන
කවුරුවත් නොදුටු කඳුලැල්....

Comments

Popular posts from this blog

විලංගු ලෑවේ...

हिन्दी है दिल हमारा।