මහදීපේ සොඳුරිය ලංකා
පෙරදිග තිලකය සිරි ලංකා
මහ දීපේ සොඳුරිය. ලංකා
ඉන්දිය සයුරේ මිණ. ලංකා
සිහිල'ඹ මැද සැනැහෙන ලංකා
නීල වරළ නිල්වන් කෙත් යායයි
දෑළ කොමල ගං ඉවුරු තලා යයි
සීල ළ මැද කන්දෙන් හිරු පායයි
ලෝල වඩන දන මන මත් වී යයි
පරෙස්සමෙනි හිරු කිරණ බෙදන්නේ
සෙමෙන් සෙමෙනි සඳ එළිය මුදන්නේ
අහස් ගැබෙන් වැසි සමව සදන්නේ
හිනස්සමිනි තුරුලිය මුතු. පින්නේ
ඉන්ද්‍ර දිගින් සිරිලක. රුවනාරයි
මන්ද උවම්, සිරිලක මනහාරයි
බන්දන පෙම්, සිරිලක සිලිලාරයි
නන් ඉසුරින් මගෙ රට සරුසාරයි
වෙහෙර ද දාගැබ් වැව් පෙළ බැඳුනේ
වීර මවුන් වැදුවන්ගෙනි. පොරණේ
පාර තනා මතුවට මේ දෙරණේ
නෑර ම නංවමු සිහ දද ගුවනේ
... දුල් ...
Comments
Post a Comment