සඳේ නුඹ වගේමැයි ඇගේ ආදරේ නම්.

ඉඳහිටක වලාවක මුවා වන
යලිදු මට සරදමට සිනාසෙන
සඳේ, නුඹ වගේමැයි
ඇගේ ආදරේ නම්.....

පුරා පෝ දාකදී අලුත් වන
අමාවක රෑකදී නිවී යන
රාහු මුඛයේ ගිලී, අඳුර දෙන
යනෙන තැන මට ම ඔච්චම් කරන
සඳේ නුඹ වගේමැයි 
ඇගේ ආදරේ නම්......

දුටුමතින් දුටුව දන මන බඳන
නොදුටු සඳ , තනිකමින් හද පෙළන
සිනාසී මහද කුල්මත් කරන
මගෙම වී මොහොතකට නොපායන
සඳේ නුඹ වගේමැයි
ඇගේ ආදරේ නම්.......

දුල්කාන්ති

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।