සිතාරයේ
අවසර නම් පෙම් ගීය වයන්නට
සහසක් සිත් සනහා නලවා
"ම"හඬවාපන් සිතාරයේ,
"මම රිස නිස රිම- නිනි පම පනි සරි
මම රිස නිප මප - රිම පම රිස නිස
කාන්සියට හැන්දෑවට
පෙමට පෙමින් ගී ගයන්න
හීන් සැරේ අතැඟිල්ලට
රන් මුදුවක් පළඳවන්න
තනි යහනෙක නිදියන කොට
ඉහ ඉද්දර බලා ඉන්න
පාන්දරින් ඇහැ'රෙන කොට
මගෙ දෝතට නුඹ වඩින්න
තත් මත අතැ'ඟිලි යවමින්
විරහවෙ රාවය නඟන්න
+ දන මන පිනවාලා
ඔල්වරසන් හඬ අහන්න
Comments
Post a Comment