යටගියාවේ...



      දකින්නට නුඹ උපන් ආශා
 සිතේ සැඟවී ගියා දෙන්
                  ලඟින් ඉන්නට නොහැකි වන බව
දැනී සිත පෑරුණා දෙන්

        යුගෙන් යුගයේ ගලා ගිය
            කාලයේ මා තනි වුණා දෙන්
අදත් ඊයේ වගේ බව
              නොම දැනී මා රැවටුණා දෙන්

        සහස් සුවහස් මල් සිනාසී
 ඔහේ මැලැවී ගියාවේ
          අහස් ගව්වට වඩා සිතුවිලි
ඉපැදිලා මියැදුණාවේ

        සුළං රැල්ලක් වගේ අවුදින්
වරින් වර හද තලාවේ
   මතක ලා දලු සළා සුව දී
   යන්නෙ කිම යටගියාවේ
... දුල් ...








Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।