ප්‍රේමය මහලු වෙලා...


මගෙ ජීවිතයට 
   නුඹ එන්නට පෙර
       ප්‍රේමය මහලු වෙලා

    නෙත'ගින් හෙළනා 
    කෝල බැලුම් නැත
මුව'ගින් ගලනා 
 ලෝල වදන් නැත

හැඩිදැඩි සිරුරට
        බැඳෙන පෙමක් නැත
ඔය ඇත් ගමනට
    ඇදෙන සිතක් නැත

 දුටු කල හැඟෙනා
  අමුතු හැඟුම් නැත
  නැති කල දැනෙනා
 තනිකමකුත් නැත

නුඹගෙන් පතනා
ආදරයක් නැත
පතිනියකගෙ සිතුවිලි 
පමණක් ඇත.

- දුල්කාන්ති -

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।