අගය දැනේ.
දිවයුරු මහරු ගණ'ඳුර
දුරලන තුරුය
නිසයුරු සොඳුරු සොමිකැන්
විහිදන තුරුය
පති ගුණ ළ'තෙත හද ගැබ
රඳනා තුරුය
පතිනිය සුවඳ , යහගුණ
දරණා තුරුය
නිලු'පුල් කුමන ඵල , නැහැයට
නොදැනේ නම්
කඩුපුල් කුමට මද්දහනට
සුපිපේ නම්
සුවිසල් මැඳුර කිම සෙනෙහේ
නොරඳා නම්
මිහිපල් වත කුමට දෙස බස
නොතකා නම්
- දුල්කාන්ති -
Comments
Post a Comment