පහන් තාරකාවේ.

               මන්දාකිනියේ නුඹ හිනැහෙද්දී
               මන්දාරම් අඳුරේ
               මන්දා මා සිත පහන් වුණේ ඇයි,
               මන්දාරා හින්දා..
සිතුම් විමානේ අනංග හීනේ
අනන්තයක් වාගේ
පහන් තාරකා මටත් බහක් දෙනු
අල්ලා අත ඈගේ

අහස් තඩාගේ පෑහුණු දීගේ
රන් මුදුවක් වාගේ
පහන් තාරකා වහං වෙලා එනු
අතැඟිල්ලට මාගේ

නළල් තලාවේ කොකුම් කලාපේ
සියුම් තිතක් වාගේ
පහන් තාරකා මුවා වෙලා එනු
නළල් පටින් ඈගේ

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।