ලං කළේ දෛවයයි සරදමට.
කුමරියක පා සලඹ සැළෙන තුරු
මින්දදගෙ මල්හීය වැදෙන තුරු
වසන්තය ලංව අත වනන තුරු
සෙනෙහසක මල් යහන සැදෙන තුරු
බලා සිටියා - මා බලා සිටියා.....
සත්සරය මෝදු වුණ
වස්දඬුව උමතු වී
මත් කළා මා සවන
හිස් වෙලා - මධු බඳුන
හිස් වෙලා...........
නොපෑහෙන දෑඟිල්ල බැඳ එකට
ලං කළේ දෛවයයි සරදමට
රිදුම් දෙන බැව් නොදැන නුඹට - මට
- දුල්කාන්ති -
Comments
Post a Comment