මිහිකත, නුඹ අපෙ අම්මා වාගෙයි.



               නියඟින් රත් වී ඉරි තැලෙනා
                සීතලයෙන් හිම කැට මිදෙනා
                 සැඬ සුලඟින් නොසැළී හිඳිනා මිහිකත නුඹ 
අපෙ අම්මා වාගේ.

                 ගස් ගල් උදුරා, දෙරණ තලා
                    ට්‍රැක්ටරයෙන් පස් කඳු පෙරළා
හෙට ඉදිවන නව 
      ලොව දැක හිනැහෙන
මිහිකත, නුඹ 
අපෙ අම්මා වාගේ

   සිව්දිග ගුගුරා අකුණු හෙළා
 විදුලිය උරණව රවනු බලා
වැස්සට අව්වට
රොස් නොව ඉවසන
මිහිකත, නුඹ
අපෙ අම්මා වාගේ

ලස්සන තුරුලිය හදා වඩා
සිත් සැනසිල්ලේ හරී විඩා
ඉඳහිට කම්පා වී චංචල වන,
මිහිකත, නුඹ
අපෙ අම්මා වාගේ
                                        - දුල් -

Comments

Popular posts from this blog