සිත නැවතී අතීතයේ
අඩවන් කළේ
නෙත් සීරුවෙන්
මට නුඹෙ රුව පිටුපෑ නිසා..
ඒ යොවුන් වියේ
මතකයෙන් යළී,
සැඟවූයෙ කොහෙදෝ ලඳේ
හද ආදරේ, නොසැලී තියේ
නොවෙනස්ව ලප සේ සඳේ
කුළුඳුල් සෙනේ පිදු ඒ දිනේ
දුටු රුව ගාව හිත නැවතිලා
මතු ආත්මයේ ඉපදී යලී
අපි හමු වෙමුද පෙර සේ වෙලා
- දුල් -
Comments
Post a Comment