ප්‍රිය ලඳුනේ.
ජීවිතයම සොඳුරු වුණේ
නුඹ හින්දයි ප්‍රිය ලඳුනේ
මගේ සෙනේ හා බැඳුනේ
නුඹේ දෑත නොව ලඳුනේ
නැවුම් හැඟුම් හදවතිනේ
මෙතෙක් කලක් නෑ දැනුණෛ
මෙවන් සිතක නුඹ රැඳුණේ
කිමැයි කියාපන් ලඳුනේ
සිරි සිරි සිරිපොද අස්සේ
පූදින සිතුවිලි අස්සේ
සිහි වී දවසම තිස්සේ
මේ සිත නිතරම ගැස්සේ
-- දුල්කාන්ති --
Comments
Post a Comment