උදා වුණා වසන්තයක්.

සඳවතී කැලුම් දැක නවස්පතී
ඇගෙන් පෙමක් පැතුවා
තරුවකින් අසාගෙන බ්‍රහස්පතී
පෙම් කතන්දරේ ගෙතුවා

වනස්පතී 
මඳනලින් සැළී
පලවැලින් පිරී බෝවා
දහස්පෙතී මල්
දහස් ගණන් පිබිදෙමින් සිනා පෑවා

සැළී සැළී,
අහස්මතී
හෙළුෑ හෙළුෑ කඳුලැල්
වැටී වැටී,
මිහීමතේ
ගලා ගියා ගඟුලැල්
උදාවුණා
වසන්තයක්
නැඟී නැඟී තුරු වැල්

සත්සරින් උදම් වී 
සරස්වතී
වෙණ තතින් හඬක් නැඟුවා
අස්සකින් කොවුල් කූජනේ ඇසී
මිහිලඳුන් සිනා පෑවා

දුල්

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।