මතක මල්.

                 හුදකලාවේ මල් පිපී
                 සිනාසී මා හද විලේ
                 පර වුණා දෙන්,
                 ඉඩ නොලැබ පූජාසනේ....

          පිපෙන මල් ගෙන සිඹින්නෙම්,
සුවඳ සදහට විඳින්නෙම්
       බඹර පහසට නොදෙන්නෙම්
      කුමරි බඹසර රකින්නෙම්.....

මතක මංපෙත සරසලා
  සිතක පුන් වත සඟවලා
        නෙතක තෙත ඇත වියැළිලා
           තතක ස්වර මත ඇමිණිලා ....

- දුල් -

Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।