මියුරු සිරිලක් ලඳුනි පියකරු.

නීල තුරු වැල්, ශ්වේත දියරැල්
යාය දසඅත ඈඳෙනා
ඈත කඳු හිස නේක රුක්
අභිෂේක ලබමින් යාවෙනා

බඹර ගුම්නඳ සවන කැන්දන
මධුර කෝකිළ කූජනා
විසුළ මල් මකරන්ද පොබයන
සකුණ ගී සංකල්පනා

සල්, සමන්, නා ගොමු විමන් සිප
හමන මඳනල වාසනා
දුල් නිමල් සරදම්බරේ සුදු
මුදු වලාවන් පාවෙනා

මියුරු සිරිලක් මවුනි පියකරු
සයුරු සළු හැඳ හිනැහෙනා
අයුරු දුටු නෙතු පියන් සසැලෙද
කවුරු වුව සිත සැනැහෙනා..
දුල්කාන්ති.

Comments

Post a Comment

Popular posts from this blog

राधा- कृष्ण ।।