විලංගු ලෑවේ...

තනිකම් සළුවෙන් නිරුවත සඟවා,
සිත වට තිමිරයෙ තිර ඇදලා
තිඹිරි ගෙයි ම ඇති වෙන්ට නටාපන්
මුඛවාඩම් ගිලිහෙන්ට නොදී...

ඈ ගැන උපදින උපදින සිතුවිලි
කැළඹී කැළඹී කරළිය දෙදරයි
විලංගු ලෑවේ අන් කමකට නොව,
ආදරයේ ! නුඹ උපතින් අන්ධයි...

යුග නෙත පියවෙන තුරුම නටාපන්
මගෙ හිත නිදියෙන තුරුම නටාපන්
රැය එළි වී එන තුරුම නටාපන්
ඇය යළි හමුවන තුරුම නටාපන්...


Comments

Popular posts from this blog

हिन्दी है दिल हमारा।