වරක් දැක සැනැහෙන්න අවසර.
මා නෙතින් කඳුලක් ගිලිහුණා'යැයි
දන්නවා නම් නුඹ නිසා
මා හදින් සුසුමක් වියැකුණා'යැයි
දන්නවා නම් නුඹ නිසා...
දෝංකාරය දිදී යළි යළි
අපේ ලෙන්ගතුකම්
අතීතේ සරදම් විලාසෙන්
නැඟී හද පත්ලෙන්
මතක් වී එයි යටගියාවේ
ඇඳුණු පිය සටහන්....
අඩක් දිවියෙන් හිස් වුණා සේ
හැඟුණු සිතුවිල්ලෙන්
වරක් දැක සැනැහෙන්න අවසර,
යලිත් නුඹ නැතියෙන්
නුඹට මා, මටද නුඹ දුන්
ස්නේහයේ නාමෙන්......
- දුල්කාන්ති -
Comments
Post a Comment