දෛවයේ..


යෞවනේ කලුණට මුවා වී
                                  කළේ ඇයි සරදම්
ජීවිතේ එළැඹුණු සැඳෑ කල
                                  දෙවන්නද සැනසුම්...

ස්නේහයේ ගී පොත ලියන්නට
                                   පමා වී මෙතරම්
දෛවයේ නුඹ කළ වැරැද්දට
                                   මක් කරන්නද මං....

ඉඩෝරයකට පසුව වට වැසි
                නිසා දෙරණත නැවුම් සුවඳයි
මහා වැස්සට පසුව පායන 
                සරා සඳ වඩ වඩා එළියයි...

රුදුරු රළ පෙළ අවුත් ගිය පසු
                අනන්තයි නිල් සයුර නිසලයි
සොබා දහමට අනුව ලෙන්ගතු
                කමට කාලය හරස් නොම වෙයි

                                    - දුල්කාන්ති -







Comments

Popular posts from this blog

राधा- कृष्ण ।।