තනිකම දීග ගිහින්.
තනිකම දීග ගිහින්
ඔහු ආ දා සිට
මගෙ තනියට මගෙ
තනිකම දීග ගිහිං ....
සිරිත් විරිත් මැද
පෝරුව අබියස
ජයමංගල ගී
සිලෝ හඬින්
රබන් ගසන්නට
නැකැත් බලන්නට
සහ පිරිවර ඇත
ඕනැ තරම්
නුපුරුදු දීගෙ
නොපෑහුණු දවසක
ආයෙත් හැමට හොරෙන්
තනිකම
ළඟට වරෙන්
- දුල් -
Comments
Post a Comment