*මා උපන්නෙ නුඹෙ වෙන්ට නොවේ...*
මුල් වර ඉපැදුණ
සෙනෙහෙ දිළිඳු නැත
මියැදුණ පසු යලි
එදා වගේ නැත
නුඹ ම ඉවත ලූ
ඒ ආදරයට
ආයේ නම් අත වනනු එපා...
හිරු පායන්නෙත් අපට නොවේ නම්
මල් පිපුණෙත් බඹරුන්ට නොවේ නම්,
ගෙඩි හැදුණෙත් වඳුරන්ට නොවේ නම්,
මා උපන්නෙ නුඹෙ වෙන්ට නොවේ...
මලක් වුණොත් මල් අතර මිලින වෙමි
ගඟක් වුණොත් සිඳු තුරුලෙහි සැතපෙම්
කවක් වුණොත් නුඹ නමට නොලියැවෙම්
උවමන් කුමටද මට නුඹගේ... -[DS]✍️

Comments
Post a Comment